අපි දෙන්නා කොච්චර රණ්ඩු වුණත් රෑට ඇඳට ගියාම රණ්ඩු ඉවරයි. දෙවන වරට විවහා වූ මහේෂි (PHOTOS).
මහේෂි මදුසංකා ලංකාවේ සිටින ජනප්‍රියතම නිලියන් අතර සිටින රූමත් තරුණියෙක් බව අපි කව්රුත් දන්නවා.ඒ විතරක් නෙවෙයි දක්ෂ නර්තන හැකියාවත් තිබෙන බව පසුගිය දිනවල පැවැත්වුන රියලිටි වැඩසටහන් වලින් අපිට දැනගන්නට ලැබුනා
. මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගල දී වන අතර ඇගේ පියා ව්‍යාපාරිකයෙක්. ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වුනා. ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.
ඒ වගේමයි පළමු වරට විවහාවුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ ඉතින් දරුවන් දෙදෙනා සමගින් දැන් මහේෂි ලස්සන ජිවිතයක් ගත කරනවා,දෙවෙනි බබා හමුවෙද්දී ඇය කලාවෙන් ටිකක් ඈත් වෙනවා.
නමුත් පසුකාලීනව ඇය නැවතත් පුංචි තිරේ දැක ගැනීමට ලැබුනා.‘ඇය’ ටෙලි නාට්‍යය තුළින් මහේෂිගේ චරිතය නැවත වතාවක් අවශ්‍යයි කියලා බොහෝ ප්‍රේක්ෂකයන් ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ මහේෂි නැවත වතාවක් ඉතාමත් ඉක්මනින් කලා ලෝකයත් එක්ක සම්බන්ධ වුණා. මෙය අපූරු රංගන ශිල්පිනිය විවාහ වෙන්නේ ගුවන් සේවය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරන පුද්ගලයෙක් එක්කයි. ඔහු නමින් සම්පත්.
ඉතින් මහේෂි කියන්නේ හරිම ආදරෙන් ජිවිතේ ගෙවනවලු. තරහ වෙන වෙලාවලුත් තියනවලු. නමුත් කොයි තරම් අමනාපකම් ඇති උනත් කවදාවත් සම්පත් එක්ක දවස් දෙක තුන ඇය තරහ වෙලා ඉඳලා නැහැ. මහේෂි සඳහන් කරන්නේ එයාට එහෙම තරහා වෙලා ඉන්න බෑ කියලයි.
ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා ත් එහෙමලු කොයිතරම් රණ්ඩු වුණත් රෑට නිදාගන්න ඇඳට යද්දී ඒ හැමදේම අමතක කරලා තමයි යන්නෙ කියලත් ඇය සඳහන් කළා