මහරගම උණුසුම් වෙයි - හේතුව මෙන්න

Report

ජන අරගල සංවිධානය අද (10) දින මහරගම නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ "ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු " යන මැයින්.

ඒ අනුව රජය ගෙන ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රධාන නගරවල සංවිධානය කරන මෙම විරෝධතා මාලාවේ පළමු විරෝධතාවය වශයෙන් මහරගම නගරයේදී මෙය පවත්වා ඇත.

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

එම අවස්ථාවේදී ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්ති අපිට එපා,කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිපත්තිත් අපිට එපා,පාසල් 300 වහන්න ද බලය දුන්නෙ, පාසල්වල වියදම මාපියන්ට පැටවීම නවතනු, අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදය පුළුල් කරනු ඇතුළු විරෝධතා පාඨ සදහන් පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් පිරිස උද්ඝෝෂණයේ නිරතව තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාවට ජන අරගල සංවිධානයේ විධායක සභික ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටි බව සඳහන්.

දරුවොන්ගේ අනාගතේ විනාශ කරනවා - හරිනිට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

දරුවොන්ගේ අනාගතේ විනාශ කරනවා - හරිනිට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්