අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

Report

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) දින පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම මඟින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇගවීමේ සහ අවම කිරීමේ පද්ධතිය ඔස්සේ සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්‍යාසයක් වශයෙන් මෙය සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම මෙම වැඩසටහන වෙනුවෙන් මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

සුනාමියක් එන්න කලින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීම මෙන්න

සුනාමියක් එන්න කලින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීම මෙන්න

එමෙන්ම මෙහි ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන අතර එය අද දින පෙරවරු 08.30ට ආරම්භ කිරීමට නියමිත වේ.

මේ අතර මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත්පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුළු පාර්ශවකාර ආයතන සහභාගී වන බව සඳහන්.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

අත ගහන හැම දෙම සාර්ථකව වෙන ලැබීමේ වාසනාව ඇති මේ ලග්නවල අය අද කීර්ති ප්‍රශංසා නිසා බැබළෙනවා

අත ගහන හැම දෙම සාර්ථකව වෙන ලැබීමේ වාසනාව ඇති මේ ලග්නවල අය අද කීර්ති ප්‍රශංසා නිසා බැබළෙනවා