රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් - ජනපතිට නාමල්ගෙන් ලිපියක්
රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නාමල් රාජපක්ෂ මහතා ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ ලිපියෙහි 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයේ " කාර්යක්ෂම ශ්‍රම සම්පතක් - ගෞරවනීය වෘත්තීය ජීවිතයක් " යන පරිච්ජේදයේ, රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, " රැකියා විරහිත උපාධිධාරීන් " යන කොටස යටතේ,
ගුරු සේවයට - 20,000ක්
IT ක්ෂේත්‍රයට - STEM උපාධිධාරීන් 3,000ක් සහ Non-STEM උපාධිධාරීන් 9,000 ක්
අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
ආදායම් බදු, රේගු විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍ර සඳහා - 3,000 ක් ලෙස රැකියා ලබාදීමට පොරොන්දු වී ඇති බව සඳහන් කර ඇති බැවින් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව ක්‍රියාවට නැංවීමට දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා සිටියි.
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
අඳාළ ලිපිය පහතින්,