කතරගම දේවාලයේ ආධාර මුදලින් - අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව ‘කතරගම දෙවියන්ට පිං පිණිස විවෘත කළේ මෙහෙමයි. - (PHOTOS)

Report

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 විවෘත කරනු ලැබුවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.


මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු අමුත්තන් රැසක් සහභාගි වී සිටියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්‍යාපෘති කළමණාකරණය සහ ඉදිකිරිම යටතේ 2023.09.21 දින ඉදිකිරිම් ආරම්භ කළ මෙම සිව්මහල් වාට්ටු සංකීර්ණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150 කි. ව්‍යාපෘතිය සදහා මාස 08 ක කාලයක් වෙන් කර තිබුනි.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


මෙම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යා සැළසුම්කරණය RAPA Chartered Architects ආයතනය යටතේ නිර්මාණ ශිල්පීන් නොමිලේ තම සේවාවන් ලබාදි ඇති අතර, දෙමාපිය සහ දරුවන්ගේ මනස නිරවුල්ව තබාගත හැකි අන්දමින් එම කටයුතු සිදු කර ඇත.

කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව ‘කතරගම දෙවියන්ට පිං පිණිස’ යනුවෙන් පමණක් සමරු පලකයේ සඳහන් කිරීමට කටයුතු කර තිබු අතර, අපේක්ෂා රෝහලේ නේවාසික රෝගී දරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම වාට්ටු සංකීර්ණය විවෘත විය. 

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.



GalleryGalleryGalleryGallery