මත් වූ බස් රියදුරුට අධිකරණයෙන් දුන්න අමතක නොවෙන පාඩම
අද (27) දින මත්පැන් පානය කරමින් පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස නියම කරනු ලැබුවා.
එසේම ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කරනු ලැබුවා. මෙසේ දඬුවම් නියම වූයේ, වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරෙකු හටයි.
පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුඟදක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
ඒ අනුව මගීන්ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවා.