මන් දරුවෝ තුන්දෙනෙක් හදමු කිවුවහම නදුනි දෙන්නෙක් ඇති කියනවා. මාධව විජේසිංහ. (PHOTOS)

By Sithumi Jan 06, 2022 05:50 PM GMT
Sithumi

Sithumi

Report

මාධව විජේසිංහ කියලා කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් තම නිවේදන කටයුතු අරඹා, අද මේ දින වන විටද දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයකු වගේම, රංගන ශිල්පියෙකු ලෙස ද සාර්ථක ගමනක් ආ තරුණයෙක්. 

මේ දිනවල නීල පබළු ටෙලි නාට්‍යයේ ආදිත්‍යගේ චරිතයෙනුත් අපිට ඔහුව දැකගන්න පුළුවන් වගේම, දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේත්, දෙරණ චැම්පියන් ස්ටාර් වේදිකාවේත්, නිවේදකයෙක් ලෙස ඔහු අප හමුවට එනවා. ඊට අමතරව ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසකට ද ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා. 

කාලයක්ම බොහෝ ජනප්‍රිය වෙලා හිටිය, අදටත් ඒ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න මාධව විජේසිංහ විවාපත් වුනේ මේ මෑතකදී. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක් වන නදුනි සමගින්. මේ දෙදෙනා විවාහයට ඇතුළත් වෙන්නේ දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධයකින් වගේම අදටත් හරිම ආදරයෙන් ඉන්න යුවළක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි. 

එක් අවස්ථාවකදී මාධව යූ ටියුබ් නාලිකාවකට කියා සිටියේ විවාහයට කලින් නදුනි ඔහුගේ නිවසේ නැවතිලා හිටියා කියල.. පසුගිය ලොක් ඩවුන් කාලෙදී බෝඩිමට හිරවුණු ඇයව තම නිවසට එක්කාගෙන ආ බවත්, මුලදි නම් ඇයට තමාගේ සැප ඇඳ ලබාදී යකඩ ඇඳක තමාට නිදන්නට වූ බවත්, පසුව දෙමාපියන් තමන්ව තේරුම් අරගෙන එකම ඇඳක නිදන්නට අවසර දුන් බවත් ඔහු පවසා සිටියා. 

ද වන විට ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ පසුගිය දිනක යූටියුබ් නාලිකා වැඩසටහනකට සහභාගි වෙමින් ඔවුන්ගේ ආදරයේ සුන්දර අවස්ථාවක් මතක් කර සිටියා.එහිදී අදහස් දක්වමින් මාධව කියා සිටියේය ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට ඔවුන්ගේ පවුල් වලින් කිසිදු බලපෑමක් ඔවුන්ට නොවූ බවත් ඒ නිසා විවාහ වීමට පෙර නදුනි උසස් අධ්‍යාපන කටයුතු කරන කාලයේ මාධවගේ නිවසේ රැඳී සිටි බවත්ය. 

ආදරය කරන කාලයේ විවාහයෙන් පසු අනාගතයෙත් තමන්ට දරුවන් තිදෙනෙකු අවශ්‍ය බව මාධ්‍ය විසින් පවසා සිටී අතර නදුනි දරුවන් දෙදෙනෙකු සිටියම ඇති යැයි පැවසූ බව ඔහු මෙහිදී සිනහමුසු මුහුණින් පවසා තිබුණා. 3

GalleryGalleryGallery
ReeCha