ඇන්තනී පවුලේ කිරි කැටි සිහිනය.. කුස දරාගෙන මාධවී එයාගේ ජිවිතේ වටිනාම උපන් දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress Latest Headlines
By krishani Aug 06, 2024 07:53 AM GMT
krishani

krishani

Report

මාධවී සහ කසුන් කියන්නේ රසිකයින් ආදරය කරන දෙන්නෙක්.

ඉතිම් ඒ දෙන්නාගෙ විවාහයෙන් පස්සේ මග බලන් හිටිය සුබ ආරංචියක් තමයි දැනගන්න ලැබුණේ.

ඇන්තනී පවුලේ බලාපොරොත්තුවක්.

ඒ තමයි ඔන්න ඒ දෙන්නා මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා.

ඒ සුබ ආරංචිය මෙන්න මේ විදිහට ඔවුන්ට ආදරය කරන පිරිසට කියලා තිබුණේ.

බලන්නකෝ ඒ දෙන්නාගේ ඒ සතුට කොහොමද වචන කරලා තිබුණේ කියලා..

උපන්දින ආරංචිය ?

----------------------------------

බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර මල්වර නැකතින් අවසර ලත් දා සිට දහසක් බාදා ආවත් නොගෙන කමකට, පෙරුම්පුරාගෙන රැකගත්ත... පිළිගත්ත...

කල් රැක්ක...

සුදුම හීනෙට අනේ පණ ඇවිත්...

මයෙ කුස පිණෙන් පිරුණා!

පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,

දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,

ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,

හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!

කසුන් කුමරු වරමින්

"අප්පච්චි දෙවි" පිහිටෙන්

හෙට මව් රැජිනක් වී ආදරේ පණ ගැහෙන සාක්කියට ආඩම්බරෙන් දිවි දෙන්න...

සියළු දෙවියෝ රැකගනීවා!

සුවය සවි බල දිරි ගෙනේවා!

හිත් නිවී සතුටින් පිරේවා!

ආවඩා ආයුබෝ වේවා!!! ?❤️

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha