මටත් ලොකු ආසාවක් තිබුණා මගෙ අම්මට වඩා දරුමල්ලන් හදන්න – මාධවී ඇන්තනී (PHOTOS)

By Sithumi Dec 21, 2021 05:15 PM GMT
Sithumi

Sithumi

Report

මාධවී ඇන්තනී කියන නම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ජැක්සන් ඇන්තනී නම් මහා රංගධරයාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ.

ඔවුන්ගේ පවුල ලංකාවේ සුවිශේෂී තැනක් උසුලන්නේ ඔවුන්ගේ පරම්පරානුගත කලා හැකියාව නිසාමයි.ඇයගේ මවට පියාට මෙන්ම ඇයගේ සහෝදරයන් දෙදෙනාටත් එක ලෙසම රංගන හැකියාවන් ගායන හැකියාව නර්තන හැකියාව පිහිටා තිබීම සුවිශේෂී කරුණක්.

ඒ නිසාම තමයි ලංකාවේ බොහෝ ප්‍රේක්ෂක රසික රසිකාවියන්ගේ නිබද ආදරේට සහ ආකර්ෂණයට ඔවුන් නතු වන්නේ. මේ දිනවලදී අපට ඇයව ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “අඳුන්ගිර” නම් පෙරළිකාර ටෙලි නාට්‍යයේ ‘රත්නසීලී’ මම අභියෝගාත්මක චරිතය ඔස්සේ දැක ගන්නට පුළුවන්.

එහිදී ඇගේ රංගනයේ කවුරුත් නොදුටු පැතිකඩක් පෙන්නුම් කරන අතර ම ඒ සඳහා රසික රසිකාවියන්ගේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇයට ලැබෙනවා.ඇය පසුගියදා එක්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ තොරතුරු පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්. 

 “ඇත්තටම මම මේ ක්ෂේත්‍රයේ සිටීමට මගේ සහජ හැකියාව වගේම මගේ මවගේ පියාගේ ආභාෂය නිතැතින්ම හේතුවන්නට ඇති. කුඩා කාලයේ පටන් ම කලා ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා.හපන් පැදුර කියන ළමා වැඩසටහන ඔස්සේ තමයි මාව ගොඩක්ම ජනප්‍රිය වුණේ.

ඉතිං ඒ කාලේ ඉඳන් මේ දක්වා රසිකයන්ගේ හදවතේ රැදුනු කලා ශිල්පිනියක් පිළිබඳව මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඒ වගේම තමයි මට කවි ලිවීමේ හැකියාව තියෙනවා.නමුත් මම ගත් කතුවරියක් නෙවෙයි.මට ඒ දවස්වල ඉදං එක එක හීන තිබුනා.නමුත් කාලෙන් කාලෙට හීන වෙනස් වුණා.

.ස්කෝලෙ කාලෙ මට තිබුණ හීනයක් තමයි PHD කරලා Academic life එකක් ගත කරන එක.ඒ වගේම මම හොඳ පර්යේෂණ ග්‍රන්ථ ලියන්නියක්.මං කරපු රිසර්ච් එක සඳහා department එකෙන් මට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණා.මම කළේ සලාගම කුලය පිළිබඳ සංස්කෘතික විද්‍යාත්මක අධ්‍යයනය.ඒ අවුරුදු කිහිපය තුළ ඒ තරම් හොඳ රිසර්ච් එකක් කරලා නැහැ කියලා මට department එකේ ගුරුවරු පවා පැවසුවා.

ඒක අනිත් අයගේ research වර මූලාශ්‍රයක් වශයෙනුත් භාවිතා කළා.ඒක පිටු හාරසිය ගානක ලොකු පොතක්.ඒ වගේම තමයි මට ලොකු ආසාවක් තිබුන මගේ අම්මට වඩා දරුමල්ලන් හදන්න.මොකද අපේ අම්මා අපි තුන්දෙනා ගැන හරි ආඩම්බරෙන් කතා කරනවා.

ඉතින් මටත් ආසයි මගේ අම්මට ඒ ආඩම්බරය කොහොමද දැනෙන්නෙ කියලා දැනගන්න” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ එම සියලුම බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery