ඇමරිකාවේ නාවික සීල් පුහුණුව සාර්ථකව නිම කරමින් ලංකාවට කීර්තියක් ගෙනා ලුතිනල් චමිත නිදි යහනේදීම මිය යයි

Report

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිතන් NRZ 4061 මහවිතානගේ දොං කොයාන් චමිත අද (28) උදෑසන හදිසියේ මරණයට පත්වී තිබේ.

විසි අට හැවිරිදි ලුතිතන් චමිත, වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරී නිවසේ රාත්‍රීයේ නිදා සිටියදී මේ සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව පවසන ආකාරය, හදිසි හෘදයාබාධයක් ඇති වීම සැකයක් බවට පත්වී ඇත.

පෙබරවාරි 04 දින පැවැත්වෙන 78 වන නිදහස් සැමරුම් උත්සව සඳහා පෙර පුහුණුවීම් සදහා, ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරෙන් වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණ සිටියේය.

ඔහු පුහුණුවීම් අවසන් කර, විවේක ගැනීම සඳහා රැදී සිටියේ වැලිසර කඳවුරේ නේවාසිකාගාරයකි. පසුව ඔහු උදෑසන අවදි නොවීමෙන් නිලධාරීන් වහ ක්‍රියාත්මක වී, ලුතිතන්වරයා නාවික හමුදා රෝහලට ඇතුළත් කළහ.

වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ අනුව ඔහු ඒ වන විට ජීවිතයෙන් සමුගෙන ඇත. පසුව, මෘත ශරීරාගාරයට පරීක්ෂණ කටයුතු සදහා රාගම රෝහලට රැගෙන ගොස් ඇත.

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට

ඔහු කිසිදු රෝගී තත්ත්වයක් නොපෙන්වමින් සුපුරුදු රාජකාරි ඉටු කරමින් සිටි බව නාවික හමුදා නිලධාරීන් සඳහන් කරති. ලුතිතන් චමිත, ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකු වන අතර, මීට මාස අටකට පෙර ඇමරිකාවේ නාවික SEAL පුහුණුව සාර්ථකව නිමකර ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම පුහුණුව ලොව අසීරුතම නාවික පුහුණුවක් ලෙස සැලකෙන අතර, ලෝකයේ විවිධ රටවල සිටි සුළු පිරිසක් පමණක් සාර්ථකව නිමකර තිබේ.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එම පුහුණුව සාර්ථකව නිම කළ එකම නිලධාරියා වශයෙන් ලුතිතන් චමිත ඉතිහාසයට සටහන් වී ඇත.මෙම නිසාම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඔහුට ඉහළ ගෞරවය ලබා දී තිබුණි.

ඉම්රාන් ඛාන් පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්

ඉම්රාන් ඛාන් පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්