සෙව්වන්දිට නවාතැන් දුන් ගෙදරින් එල් ටි ටි ඊ බඩු තොගයක් මාට්ටු

Report

අධිකරණ සංකීර්ණයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව් වන්දි නැමැති තැනැත්තිය මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක්කරයි.

එහිදී කරුණු රැසක් අනාවරණය වී ඇති අතර ඉෂාරා සෙව්වන්දි වන ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ යාපනය නිවසේ සඟවා තිබූ එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් ආනන්දගෙන් ඇඟ කිළි පොලායන හෙළිදරව්වක්

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් ආනන්දගෙන් ඇඟ කිළි පොලායන හෙළිදරව්වක්

සැකකාර හිටපු එල් ටි ටි ඊ සාමාජිකයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් ඊට යොදන මැගසින් දෙකක් , 9එම් එම් වර්ගයේ ජීව උණ්ඩ හතක් සොයා ගෙනඇත.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇති වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේදී බව පොලිසිය කියයි.

ඉෂාරා සෙව්වනදි විදේශගත කිරීමේ සිද්ධියේසම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් බෝට්ටු සැපයූ පුද්ගලයාගේ වයස 52 ක් වන අතරින් ඔහුට ගිනි අවි ලබා දුන් පුද්ගලයාගේ වයස අවුරුදු 43 කි.

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද