LPL දක්ශන්ට ලැබුණු අවස්ථාව
ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 31 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙන අතර එම තරග සංචාරයේදී දෙරට අතර 20-20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත බව සදහන්.
නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
LPL තරගාවලියේ වීරයා වූ සදීර සමරවික්‍රම, පිත්තෙන් දස්කම් දැක්වූ නුවනිඳු ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දු ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන්
එමෙන්ම ශ්‍රී ලංකා - ඉන්දියා පළමු 20-20 තරගය ජනවාරි මස 3වනදා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.