කිව්වා විදිහට බද්ද අඩු කරානේ, එහෙනම් දැන් අපෙන් වාහන ගන්න ඇමරිකාවෙන් සද්ද දායි
එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු නිෂ්පාදිත මෝටර් රථ තීරුබදු රහිතව ආනයනය කිරීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙය දෙරට අතර පවතින අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය මත පදනම් වූවක් බව සඳහන්.
එසේ වුවද මෙරට රජය මේ සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසයි.
එසේම මුලින් සියයට 44ක්ව පැවති තීරුබදු ප්‍රතිශතය මේ වන විට සියයට 20ක් දක්වා පහත හෙළීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා.
එසේම ධවල මන්දිරය මඟින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නව බදු අනුපාත සමඟ ඉදිරියේදී වෙළඳ හා ආරක්ෂක ගිවිසුම්වලට එළඹීමට ඇමරිකානු රජය බලාපොරොත්තු වේ.