නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් විශේෂ නිවේදනයක්. - මෙහෙම ගුරුවරුත් ඉන්නවා හොදේ.

Death School Children
By Wayomi Oct 22, 2024 08:57 AM GMT
Wayomi

Wayomi

Report

නෙළුම් කුලුණෙන් පැන පසුගිය දා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා.

ප්‍රසිද්ධ පුවත්පතක නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් තවමත් කම්පා වන බවයි.

වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම, දෙමාපිය පීඩනය, හිරිහැරවලට ලක් වීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන කරුණු ළමා ආරක්ෂාව පිළිබද මාතෘකා වන අතර ඒවා සිය දියණියගේ මරණය පිළිබද නිගමනයට යොදාගැනීම අසාධාරණ, අසත්‍ය හා නින්දා සහගත බවයි ඔවුන් එම ප්‍රකාශයෙන් දක්වා තිබුණේ.

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

 

එමෙන්ම පසුගිය දා අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය මහත් කණගාටුවෙන් සිටි අතර ඉන් ඇය මුදා ගැනීම සදහා විශේෂඥ සහාය ලබා ගෙන, නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බව අදාළ ප්‍රකාශයේ දැක්වුණා.

කෙසේ වෙතත් දැරිය යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක ඇයගේ පාසලේ, ඇතැම් ගුරුවරුන් සහ දෙමාපියන් සිදු කරන ලද අසත්‍ය කටකතා හේතුවෙන් ඇය පීඩාවට පත්ව සිටි බවයි දැරියගේ දෙමව්පියන් සදහන් කළේ.

එහිදී ගුරුවරුන් හා ඇතැම් දෙමව්පියන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය කළින් සිට දැනසිටි බවට ප්‍රචාරයක් සිදුකළ තිබෙනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් සිය දියණියට නඩු පවරා විමර්ශන සිදු කළ යුතු බවට ඇතැම් දෙමාපියන් චෝදනා කර තිබූ බවත් අනෙක් දරුවන් සිය දියණියගෙන් ඈත් කර තබන ලෙසට පවසා තිබෙනවා.

මෙවැනි කටකතා නිසා සහ දෙමාපිය බලපෑම් හමුවේ සිය දියණිය වඩාත් පීඩාකාරීව කාලය ගතකළ බවත්, මේ හේතුවෙන් ඇයට වෙනත් පාසලකට මාරු කර යැවීමට සිතූ බවත් අදාළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත් සිය දියණිය එල්ල වූ පීඩනයන් ඇයට දරාගත නොහැකි මට්ටමට ළගා වු බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

 

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

 

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.