ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.
වෙළඳපළේ ගෑස් මිල ඉහළ දැමිය යුතු බව මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගමක් රජයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ලෝකෙ වෙළඳපළේ ගෑස් සැපයුම්කරු සිය මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරටද ගෑස් අලෙවි කරන මිල ඉහල දැමිය යුතු බවත්ය.
එමෙන්ම ගෑස් මිල ඉහල නොදමන්නේ නම් තම මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමේ බරපතල අර්බුදයක් ඇති වන බවයි අදාල සංගම් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.\
මේ අතර දැනටමත් අදාළ සමාගමේ ගෑස් බෙදා හැරීම් යම් මට්ටමකට අඩාල වී ඇති අතර එම සමාගමේ ගෑස් ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමටද කටයුතු කර නැත.
මෙම මස තිස් වැනිදාට යෙදෙන ගෑස් මිල සංශෝධනයේදී අදාළ මිල වැඩි කිරීම සිදුවනු ඇති බවට එම සමාගම විශ්වාසයෙන් පසුවෙයි.