ලොරි රථයක් සොරකම් කළ පුද්ගලයාට වැඩ වැරදි

By Zara Mar 01, 2025 02:24 PM GMT
Report

කඩුවෙල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන යමින් සිටියදී පොලිසිය විසින් වෙඩි තබා අත්අඩංගුවට ගත් සැකකරු අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු අවුරුදු 25ක් වන තරුණයෙක් බවයි.

සැකකරු වත්තල ප්‍රදේශයේදී ලොරි රථය සොරකම් කොට තිබෙන අතර රැගෙන යමින් සිටියදී පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.

නොරචෝලේ සිට එළවළු රැගෙන ආ ලොරි රථයක් මෙසේ සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.

සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන් වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කඩුවෙල සිට නව නුවර පාරේ කොතලාවල දෙසට ලොරි රථය ධාවනය කර තිබූ අතර පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා.

ඒ අනුව කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝද වලට වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

ශරීරයේ Tattoo තියෙන තරුණ තරුණියක්ද ? මෙන්න ඔබට අහිමි වන දේ ගැන නිවේදනයක් !

ශරීරයේ Tattoo තියෙන තරුණ තරුණියක්ද ? මෙන්න ඔබට අහිමි වන දේ ගැන නිවේදනයක් !

33ක් රෝහල් ගත කළ මහ අනතුර....18ක් කාන්තාවන්

33ක් රෝහල් ගත කළ මහ අනතුර....18ක් කාන්තාවන්