ලොහාන් රත්වත්තේට හදිසි මාරුවක්..

By Piyumika Nov 03, 2024 06:58 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අද දවස ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකයි..

අද දවස ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකයි..

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

තේ කෝප්පයක්දී වැඩ වැරදුනු අවස්ථා තියෙනවා..ඒක නිසා පරිස්සමින්..

තේ කෝප්පයක්දී වැඩ වැරදුනු අවස්ථා තියෙනවා..ඒක නිසා පරිස්සමින්..

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා පසුව බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීම‍ෙ පියවර ගෙන තිබුණි.