හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මියගිය බවට හා සෞඛ්‍ය තත්ත්වය පිලිබදව පැතිර යන කටකතා අසත්‍ය කතා බව විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කර ඇත.
ලොහාන් රත්වත්තේ මහතා කලක සිට පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
එමෙන්ම ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින්සුවෙන් සිටින බව වාර්තා වේ.
මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපතිවරුන්ද දේශපාලන මිතුරන්ද ඊයේ (08) අදාළ පෞද්ගලික රෝහලට පැමිණ ඇත.
එයට අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පිළිබද පැතිර යන කටකතා අසත්‍ය බව නිරාවරණය වේ.