දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

Report

ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලාංකික පවුලකට ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසිකව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය වේ.

2025 පෙබරවාරි මාසයේදී, පවුලක ආහාර අවශ්‍යතා සඳහා සාමාන්‍යයෙන් රු. 47,107.55ක් සහ ආහාර නොවන අවශ්‍යතා සඳහා රු. 57,507.67ක් වැය වී ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

පවුලක මාසික ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසයට සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවරව පවතින අතර, ආහාර නොවන වියදම පසුගිය මාසවලට සාපේක්ෂව සුළු වෙනස්කමක් දක්වයි.

එහෙත්, 2024 පෙබරවාරි හා සසඳන විට 2025 පෙබරවාරි මාසයේ ආහාර නොවන වියදම සියයට 6කින් අඩුවී ඇත.

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

2025 මාර්තු මාසයේදී දේශීය සහල් වර්ගවල සාමාන්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස වෙනස් වී නොමැත.

දේශීය නාඩු සහල් කිලෝවක මිල රු. 243ක් වූ අතර, එය 2025 පෙබරවාරි සහ 2024 මාර්තු මාසවලට සාපේක්ෂව සියයට 8ක මිල ඉහළ යාමකි.

පාසල් 100ක් වසා දැමීමට යයි

පාසල් 100ක් වසා දැමීමට යයි

කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල මිල මාර්තු මාසයේදී අඩුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?