ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

Report

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වංචා නඩුවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතුද යන්න පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය විසින් ජුනි 16 වන දින නියෝගයක් ලබා දෙනු ඇත.

මෙම නඩුව ජාතික කම්කරු ආයතනය නම් භාරයකට අයත් ගොඩනැගිල්ලක්, ජාතික කම්කරු කොංග්‍රසයේ (NWC) නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් විසින් රුපියල් මිලියන 3.6කට බදු දීම සම්බන්ධය.

එම පිරිසට සමරසිංහ මහතා ද ඇතුළත් විය.

විදුලි බිල ඉහළ යන ලකුණු - ලංවිමට පාඩුලු

විදුලි බිල ඉහළ යන ලකුණු - ලංවිමට පාඩුලු

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ කිසල් සේනානායක සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නේය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ මුල් වාර්තාවලින් ඇමතිවරයාගේ සහ ඔහුගේ සගයන්ගේ සම්බන්ධය පැහැදිලි බව ගුණරත්න මහතා අධිකරණයට පැවසීය.

සමරසිංහ මහතා NWC හි සභාපති ලෙස පෙනී සිටියද, එම දේපළ NWCට අයත් නොවන බව ගුණරත්න මහතා සඳහන් කළේය.

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

එසේම, කම්කරු දෙපාර්තමේන්තු ලේඛනවලින් තහවුරු වන්නේ, NWC නිලධාරීන් ලෙස පෙනී සිටි සමරසිංහ මහතා ඇතුළු පිරිස එහි කිසිදු තනතුරක් නොදැරූ බාහිර පුද්ගලයින් බවයි.

මෙම සිදුවීමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, NWC නිලධාරීන් ලෙස පෙනී සිට බදු ගිවිසුම්වලට අත්සන් කළ අය හෙළි වී ඇති බවත් පවසමින්, ඔවුන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී