අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?
වත්මන් ආණ්ඩුව විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම්, එය භාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකදී ඔහු ප්‍රකාශ කළේ, එවැනි වගකීමක් තමන්ට පවරන්නේ නම්, එය පිළිගැනීමට තමන් අකමැති නොවන බවයි.
එහෙත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු JVP ආණ්ඩුව බලයට පත් කිරීමට තමන් දායක නොවූ බැවින්, එවැනි ධුරයක් ඉල්ලීමට තමන්ට අයිතියක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.