සියලුම පාරිභෝගිකයන්ට ලිට්‍රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක් - වහාම දැනුවත් වෙන්න

Report

එළඹෙන අප්‍රේල් උත්සව සමය වෙනුවෙන් මෙරට පාරිභෝගිකයන්ට කිසිදු ගෑස් හිඟයකින් තොරව අවශ්‍ය සැපයුම් ලබාදීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ  අනුව ශ්‍රී ලංකාවට අයත් ගෑස් මෙට්‍රික් ටොන් 42,000ක දැවැන්ත තොගයක් මේ වන විට මාලදිවයින ආසන්නයේ ස්ථානගත කර ඇති බවත්, එම තොගය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් එම සමාගම අද නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම ගෑස් ප්‍රමාණය අප්‍රේල් මාසයේදී මෙරට ඇතිවන සමස්ත ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලීමට ප්‍රමාණවත් වන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එමෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී පාරිභෝගිකයන් අතර ගෑස් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, වෙළඳපොළ තුළ කිසිදු කෘතිම හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා අඛණ්ඩව ගෑස් නිකුත් කිරීමට පාලනාධිකාරිය මෙහිදී උපදෙස් ලබා දී ඇත.

අප්‍රේල් මාසයේ අවශ්‍යතාවයට අමතරව, ඉදිරි මැයි මාසය සඳහා ද ලිට්‍රෝ සමාගම මේ වන විටත් සාර්ථක සැපයුම් සැලසුම් සකස් කර අවසන්ය.

පොලීසියෙන් නව නීතියක් - මුළු ලංකාවටම වලංගුයි

පොලීසියෙන් නව නීතියක් - මුළු ලංකාවටම වලංගුයි

ඒ අනුව මැයි මාසයේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් අප්‍රේල් මස 25 වන දින මෙරටට පැමිණීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රමවත් සැපයුම් ජාලය හේතුවෙන් ඉදිරි මාස දෙක පුරාම මෙරට ගෑස් සැපයුම ඉතා ස්ථාවර මට්ටමක පවතිනු ඇති බවට ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.