පොලීසියෙන් නව නීතියක් - මුළු ලංකාවටම වලංගුයි

Report

සංවිධානාත්මක අපරාධකරුවන් ඉලක්ක කරගනිමින් ඉතා ප්‍රබල නීති රීති සහිත නව පනතක් ඉදිරි සති දෙක ඇතුළත හඳුන්වා දීමට කටයුතු කරන බව මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.

ඒ මහතා අවධාරණය කළේ, මෙම නව පනත මඟින් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වුවද නැවත පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නීතිමය අවකාශය සැලසෙන බවයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ එතුමා,

""නීතියේ හිඩැස් නං මේක වසන්කරලා හංගලා බැහැ. අදටත් මේ සම්බන්ධව මේ පුද්ගලයින්ට අපි රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී සම්බන්ධව තිබෙන පනතින්. මේ සම්බන්ධයෙන් තව සති දෙකක් තුළ ඉතාම ප්‍රබල නීතියක් එනවා. සංවිධානාත්මක අපරාධකාරයින්ටම වෙන් වුණ නීතියක්. ඉතාම ප්‍රබල නීතියක්. අපි අපරාධකාරයෝ වැරදිකාරයෝ කරලා, ඇතුලේ ඉන්නවා වැරදිකාරයේ කරලා ප්‍රබල නම් තියෙන අය. මිනිස්සු බොරුවට බය වෙන නම් තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ මිනිස්සු නැවත කරන අපරාධවලට, බන්ධනාගාරයෙන් එළියට අරගෙන පොලිස් බාරයේ තබාගෙන විමර්ශනය කිරීමේ හැකියාව ඒ පනතින් එනවා. කාටවත් අතුලට වෙලා එහෙම කරන්න බෑ. තව තව දේවල් තියෙනවා. විදේශ රටවල ඉන්වා නම් ඒ අයගේ දේපොළ සම්පූර්ණයෙන් තහනමට ගන්න දැනටමත් තියෙනවා ඒ නීතිය. නීතිවිරෝධී ලෙස හම්බකරන දේපොළ යටතේ පසුගිය කාලේ අපි රාජසන්තක කළ දේපොළ. බිලියන ගණන් දේපොළ අපි රාජසන්තක කරලා තියෙනවා." 

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්