ගෑස් බෙදාහැරීම ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
By Sithumi
හෙට දිනයේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නො කරන බව ලිට්රෝ සමාගම පවසනවා. ගෑස් නෞකා දෙකකට අදාළ ගෙවීම් කටයුතු සිදුකර ඇති අතර, අනිද්දා දිනයේ දී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි අයි.ඕ.සී පිරවුම්හල් මගින්ද ඉන්ධන සැපයීමේ සීමාවන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදියකට රුපියල් 2,500ක් ත්‍රිරෝද රථයකට රුපියල් 3,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් දස දහසක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ මෙලෙස බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |