නොසිතූ ලෙස මත්පැන් මිල ඉහළ යයි..නව මිල ගණන් මෙන්න.

Business Mobile Sri Lanka
By Aruna May 03, 2022 11:09 PM GMT
Aruna

Aruna

Report

මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක සහ කෑන් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කළ බව එම සමාගම පවසයි.

රජය මගින් පසුගිය අයවැයේදී මත්පැන් සහ බියර් සඳහා බදු වැඩි කිරීමෙන් පසු මේ වන තෙක් බදු වැඩි කිරීමක් සිදු කර නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now