අරක්කු මිල හදිසියේම අඩු කරන්නැයි ඉල්ලීමක්...හේතුව මෙන්න..
By Aruna
මෙරට මන්ද පෝෂණය අඩු කර තුන්වේල කන්න දීමට අවශ්‍ය නම් වයින් ස්ටෝස් වසා දැමිය යුතු බවත් නැතහොත් අරක්කු මිල අඩු කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ දවස පුරා මහන්සි වන පුද්ගලයන් හවස් වරුවේ මත්පැන් ස්වල්පයක් පානය කිරීම පුරුද්දක් වී ඇති බවයි.
අරක්කු මිල ඉහල ගොස් තිබීම හේතුවෙන් පුද්ගලයන් අරක්කු බිවු පසු ගෙදරට අරන් යන්න මුදල් ඉතුරු නොවෙන බවත් ඒ හේතුවෙන් දරු පවුලට ආහාර සපයා ගැනීමේ ගැටලුවක් මතු වන බවත් හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |