රසික හදවත් ගල්කරමින් සුපිරි තරුවගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වු දේ..

Argentina Latest Headlines
By Sewvandhi Oct 24, 2024 08:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආර්ජන්ටිනාවේ හෝටලයක තෙවැනි මහලෙන් ඇදවැටී මියගිය වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියම් පෙයින්ගේ මරණයට හේතුව අභ්‍යන්තර රුධිර වහනය බවට අනාවරණ වී තිබේ.

එමෙන්ම මූලික මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ,මියයන අවස්ථාව වනවිට ඔහුගේ සිරුරේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිහිපයක් අන්තර්ගතව තිබූ බවයි.

මරණ පර්යේෂකයින්, මරණ පරීක්ෂණයේ දී පෙයින්ගේ සිරුරේ තුවාල 25ක් පමණ නිරීක්ෂණය කර තිබූ බව සඳහන් වේ. කෙසේ වුවද බලධාරීන් පවසා ඇත්තේ, සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලියම් පෙයින් මියගොස් සතියක් පමණ ගත වී ඇතත් ඔහුගේ සිරුර තවමත් ඥාතීන් වෙත භාරදී නොමැති බවයි.

කලක් සංගීත ලෝලීන් අතර උන්මාදයක් වූ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියම් පෙයින් මියගියේ මීට සතියකට පමණ පෙරාතුවය. ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර ගොඩනැගිල්ලක තෙවැනි මහලෙන් ඇදවැටීමෙනි. මියයන විට ඔහු 31 වැනි වියෙහි පසුවිය.

ලියම් පෙයින් ගොඩනැගිල්ලෙන් ඇදවැටීමට පෙර බීමත්ව ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පුද්ගලයෙකු පිළිබඳව හෝටල් කාර්යමණ්ඩලය ආර්ජන්ටිනා හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණි. ආරක්ෂක අංශ හෝටලය වෙත පැමිණ තිබුණේ එම දැනුම්දීම මතය. කෙසේ වුවත් ආරක්ෂක අංශ පැමිණෙන විටත් පෙයින් හෝටල් කාමරයේ සඳළුතලයෙන් ඇදවැටී මියගොස් තිබුණි.