මම දැන් ගහන අත්සනේ ඉඳලා කතා කරන ඉංග්‍රීසි පවා ඉගෙන ගත්තේ පන්සලේ ඇබිත්තයෙක් විදිහට ඉඳලා, ආඩම්බරෙන් කියන හඳුන්නෙත්ති

Report

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයේ ඇබිත්තයෙකු වශයෙන් තමන් සිටි කාලයේදී ලද අධ්‍යාපනය සහ ඉංග්‍රීසි දැනුම තම ජීවිතයට මහත් පිටුවහලක් වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම ආරණ්‍ය සේනාසනයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු මීට වසර 39කට පමණ පෙර, එනම් 1987 දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව තම උපන් ගම වන කොටපල ප්‍රදේශයේ පැවති අපහසුතා නිසා පල්ලෙගම ආරණ්‍යයේ වැඩ විසූ හාමුදුරුවෝ මෙසේ තමාව ප්‍රථම වරට කොළඹට එවන ලද බව සඳහන් කර ඇත.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

එසේ ආරණ්‍යයට පැමිණි පසු, හාමුදුරුවරුන් විසින් තමාට ගණිතය ඇතුළු විවිධ පාඩම් කියා දුන් බවත්, දහම් පාසල් මතකයන් රැසක් ද තමා සතුවන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ බව වාර්තා වේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන තෙක්ම තමා මෙම ආරණ්‍යයේ වාසය කළ බවයි.

තවද ආරණ්‍යයේදී ලද අධ්‍යාපනයට අමතරව එහි විශාල විනය පද්ධතියක් ක්‍රියාත්මක වූ බවත්, එය ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු වූ බවත්, එම විනය පද්ධතිය තුළින් ලද අත්දැකීම් අදටත් තම ජීවිතයට විශාල පිටුවහලක් වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

ඊට අමතරව විශේෂයෙන් තමා වර්තමානයේ භාවිත කරන අත්සන පවා ගැසීමට පුරුදු කරනු ලැබුවේ එකල එම ආරණ්‍යයේ භාවනා කරමින් සිටි හේපොති කුලගල නම් ස්වාමීන් වහන්සේ බවත් ඔහු සිහිපත් ක‍ර ඇත.

ඔහු පැවසුවේ එකල තමා සිය නම පමණක් ලිවීමට පුරුදුව සිටියද එම ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අත්සනක් පුරුදු කරගත් බවයි.

එමෙන්ම ආරණ්‍යයේ තම රාජකාරී කටයුතු අතරතුරදී පහළ ගමේ පැවති ඉංග්‍රීසි පන්තියකට තමා ගිය බවත්, එහිදී කෙටි කාලයක් ඇතුළට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් බවත් හඳුන්නෙත්ති මහතා පවසා තිබුණා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තෙ මෙම අත්දැකීම් සිය ජීවිතයේ ගොඩනැගීමට මහත් සේ උපකාරී වූ බවයි.

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා