දැරියන්ට ආරක්ෂාව- දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය වේ

Report

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මඟින් හිංසනය තහනම් කිරීමට සහ ශාරීරික හිංසනය සඳහා දඬුවම් පැනවීමට විධිවිධාන සැලසීම පිණිස (19 වන අධිකාරය) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට 2024-04-29 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණත්, එම කටයුතු සිදු කිරීමට නොහැකි විය.

එබැවින්, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...