දිස්ත්‍රික්ක අටකට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි....අත්තනගලු ද්‍රෝණියත් අවදානම්.....
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.
ඒ අනුව බදුල්ල , කොළඹ , හම්බන්තොට , මහනුවර ,කෑගල්ල , කුරුණෑගල ,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 08 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙලෙස අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
මේ අතර, අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබෙනවා.
ලංකාව තුල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් 5992ක පුද්ගලයන් 23132කු මේ වන විට ආපදාවට ලක්ව සිටිනවා.
එසේම අධික වර්ෂාවත් සමඟ වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් පෙරළී ගොස් තිබෙනවා.
එමෙන්ම කණුමුල්දෙණිය මී ඇල්ල යන ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ කුඹුරු රැසක් ජලයෙන් යටව විය.
මේ අතර , වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේදී දිය පහරට හසුවී ගසා ගෙන ගිය පාසල් ශිෂ්‍යයෙකු බේරා ගැනීමට හැකිවී තිබෙනවා.
මෙම ශිෂ්‍යයා තවත් අයෙකු සමඟ ජලයේ ක්‍රීඩා කරමින් සිටියදී ගසා ගෙන ගොස් ඇති අතර එය දුටු වෙනත් අයෙකු වහාම ජලයට පැන පාසල් ශිෂ්‍යා බේරාගෙන ඇතැයි වාර්තා වනවා.
