රටේ තත්වය තවමත් භයානකයි. - නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ. - කුරුණෑගලටත් 1 වන මට්ටමේ අනතුරු ඇඟවීමක්. - අනෙක් ප්‍රදේශ මෙන්න.
By Wayomi
කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.
මේ අතර කැළණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)
ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
