ඉදිරි පැය 24 අවදානම් - ආරක්‍ෂිත ස්ථාන කරා යන්න - මේ ප්‍රදේශ පරිස්සමෙන්
අද (08) පස්වරු 12.00 සිට හෙට (09)පස්වරු 12:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 1
*බදුල්ල දිස්ත්‍රික්කය:- බදුල්ල , හාලි ඇල , පස්සර , ලුණුගල , වැලිමඩ , මීගහකිවුල , කන්දකැටිය , ඌව පරණගම
*මාතලේ දිස්ත්‍රික්කය:- අඹන්ගග කෝරළය *නුවරඑළිය දිස්ත්‍රික්කය:- හගුරන්කෙත , මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 2
*මහනුවර දිස්ත්‍රික්කය:- උඩදුම්බර
*නුවරඑළිය දිස්ත්‍රික්කය:- නිල්දණ්ඩාහින්න- වලපනේ
*මාතලේ දිස්ත්‍රික්කය:- විල්ගමුව