විශාල කන්දක් ඇහැලියගොඩ ගමක් යට කරයි. - (VIDEO)

By Wayomi Jun 27, 2024 12:57 PM GMT
Report

අද (27) දහවල් ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ විශාල කන්දක් නායයෑම හේතුවෙන් නිවාස 8ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

වාසනාවකට මෙන් නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් නිවාස අවටවූ පවුල්වල පිරිස් ඉවත්වී තිබුනා.

මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන ඇත.

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා ඇති අතර ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් එස්. ඒ. දිල්රුක් මහතා සහන කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිදුකරන බවයි.