මේ පාරෙන් යන්න එපා - මේ මාර්ගය තාවකාලිකව වසා දමයි
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයකට ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි.
ඒ අනුව ගන්නෝරුව හල්ඔළුව මාර්ගයට වරාතැන්න ප්‍රදේශයෙන් ගල් පෙරළීම තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
නමුත් මෙම මාර්ගයේ එක් මංතීරුවක් භාවිතා කරමින් අද (22 ) උදේ වරුවේ සිට වාහන ගමන් කරන අයුරු දක්නට ලැබිණ.
මේ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරන්නේ මාර්ගයේ වාහන ගමනාගමනය වැසි පවතින අවස්ථාවන්වල දැඩි අවදානම් බවයි. මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගමන් කිරීම සඳහා වැසි පවතින අවස්ථාවල විකල්ප මාර්ග යොදා ගන්නේ නම් වඩා උචිත බවද ඒ මහතා පවසා ඇත.