ලාල් කාන්ත නාලිකාවකට රුපියල් බිලියන 10 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවයි

Report

තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පසුගිය 16 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍ය  ප්‍රවෘත්තියක් පළකර ඇති බව පවසමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් මාධ්‍ය ආයතනයක් වෙත එන්තරවාසියක් යොමුකර ඇත.

අදාළ එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ අඩංගු කරුණු විකෘති කරමින් පළකර ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති ” වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන ” බවට අදාළ මාධ්‍ය ආයතනය විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් අදාළ එන්තරවාසියේ සඳහන් වේ.

  ඒ අනුව අදාළ මාධ්‍ය ආයතනය විසින් සිදු කරන ලද පළ කිරීම හේතුවෙන් අමාත්‍යවරයාගේග්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇති බවත්, එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත එම මුදල ගෙවන ලෙසත් අමාත්‍ය ලාල්කාන්තගේ නීතිඥයවරයා දැනුම් දී ඇත.

කොළඹ හෙට සහ අනිද්දා විශේෂ රථවාහන සැලැස්මක් - හේතුව මෙන්න

කොළඹ හෙට සහ අනිද්දා විශේෂ රථවාහන සැලැස්මක් - හේතුව මෙන්න

රජය විසින් ලබා දුන් පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත, පෞද්ගලික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කරන බැවින් මාධ්‍ය නාලිකාවේ විකාශන බලපත්‍ර අවලංගු කරන ලෙස අදාළ බලධාරීන්ට කරුණු දැක්වීමටද කටයුතු කරන බව මෙහි අවධාරණය කර තිබේ.

මෙම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව වන්දිය අය කර ගැනීමට නඩු පවරන බවටද එමගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.    

GalleryGalleryGalleryGalleryGallery