අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

Google Horoscope Astrology Latest Headlines Sinhala news
By Akash Apr 15, 2025 01:17 AM GMT
Akash

Akash

Report

මේෂ

ගමන් බිමන් යෙදේ.

වන්දනා ගමන්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පුද පූජා කර්මවල යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝගද මතු කරයි.

ජය අංකය: 04 ශුභ වර්ණය: කහ 

වෘෂභ

ගමන් බිමන් යෙදේ.

ප්‍රීති උත්සව සාද, සැණකෙළි වැනි දේවල් සඳහා සහභාගි වෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. ව්‍යාපාරවල යෙදෙන්නන්ට ඉතාම ශුභඵල දායකයි. අමතර ලාභද ලබයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතු කරයි.

ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු

 

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

මිථුන

දුර ගමන් යෙදේ.

තරමක් වැය පස ද ඉහල යන දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. හෘද ආබාධ ඉදිමුම් රෝග දෙයි.

ජය අංකය: 03 ශුභ වර්ණය: කොල


කටක

ක්‍රියාශීලී දිනකි.

ආගමික වතාවත් මුල්කර ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල ද යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් සැනසිලි සිතුවිලි මත ක්‍රියා යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන් 


සිංහ

ක්‍රියාශීලී දිනකි.

ආගමික උත්සව සංවිධානයට හේතු ඇතිවෙයි. තරමක් වැය පස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාභ ද මතු කරයි. ශිරෝ රෝග මුඛ රෝග මතු කරයි.

ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

හෙට එලියට යනවනම් උණුසුම් දර්ශකය අවධානය යොමු කල යුතු මට්ටමේ

හෙට එලියට යනවනම් උණුසුම් දර්ශකය අවධානය යොමු කල යුතු මට්ටමේ

කන්‍යා

ක්‍රියාකාරී දිනකි.

තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියා කරයි. දහමට ලැදි වන අතර දාන ශීලාදී ක්‍රියා කාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ.

ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු 


තුලා

දුරගමන් වන්දනා ගමන් වැනි දේ

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග භගන්දර රෝග සාදයි.

ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම් 


වෘශ්චික

ප්‍රීති

උත්සව සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැය පස ඉහළ යයි. ප්‍රමේහ වාත රෝග මතු වෙයි.

ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

ධනු

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි.

අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස


මකර

තරමක් අවිවේකී දිනකි.

දුරගමන් ද යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම අනුශාසකයන් සමග සීල ගුණධර්මවල යෙදේ. පොදු සත්කාරක ක්‍රියා වැනි දේවල්හි ද යෙදේ. ආමාශ ගත රෝග සන්ධි රෝග මතු වේ.

ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්


කුම්භ

වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි.

දාන ශීලාදී ගුණධර්මවලද යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තරමක් මිල මුදල් වැය කරන දිනකි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග උෂ්ණ රෝග සාදයි.

ජය අංකය: 09 ශුභ වර්ණය: දම්


මීන

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි.

සුහදතා වර්ධන ක්‍රියා කාරකම් යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. සතුරු බලපෑම් ධමනය වෙයි. රක්ත වාත රෝග මුත්‍ර රෝග මතු කරයි.

ජය අංකය: 05 ශුභ වර්ණය: තද කහ

ReeCha