උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන තුරු එම විභාගටය පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ
අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20වනදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන්නේ අප්‍රේල් මස 20වනදායින් පසුව බවයි.
බොහෝ දුරට ලබන 20 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බවයි ආරංචි මාර්ග කියා සිටියේ.
මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් පෙනී සිට තිබෙනවා.