අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..(VIDEO)

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Feb 20, 2025 12:09 AM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. අවිවේකී දිනකි. රාජකාරිවලට අමතරව උත්සව සාද වැනි දේවල් නිතර යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

තරමක් අවිවේකි දිනකි. කාලය කළමනාකරණයේදී ප්‍රවේශම් වන්න. උත්සව සාද යෙදේ. පැරණි මිතුදම් වර්ධනය වෙයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සතුරු බලපෑම් ධමනය කරගැනීමේ ශක්තිය ඇති කරයි. උෂ්ණ රෝග දේ. ජය අංකය: 02 ශුභ වර්ණය: තැඹිලි

🔴 මිථුන ලග්නය

ක්‍රියාශීලි දිනකි. තම අරමුණු බොහෝ දුරට ජයගනී. හදිසි ලාභ ලැබීම් ඇතිවෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. සෙම් කෝප රෝග මතු කරයි. : ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

ගමන් බිමන් බහුලවේ. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් යෙදේ. තරමක් වගකීම් බහුල දිනකි. සතුරන් දමනය වේ. හදිසි ධන සම්පත් ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: කහ

🔴 සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. මහජන රැලි, මහජන සබඳතා ඇතිවන දිනකි. නවක බැඳීම් ඇතිවෙයි. විනෝදජනක ක්‍රියාවන් යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස

🔴 කන්‍යා ලග්නය

ක්‍රියාශීලි දිනකි. ප්‍රීති උත්සව සාද යෙදේ. සභාවේ දිනයි. නවක සබඳතා ඇතිවෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්ද යෙදේ. සතුරන් ධමනය වෙයි. හදිසි ධන ලාභ සම්පත් මතු කරයි. පාද ආබාධ පීඩා මතු කරන දිනකි. ජය අංකය: 05 ශුභ වර්ණය: රන්වන්

🔴 තුලා ලග්නය

තරමක් ගමන් බිමන් බහුලයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් මනස චංචල වෙයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි වෙනසක් දැකගත හැක. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 වෘශ්චික ලග්නය

ක්‍රියාකාරි දිනකි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේ යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන් යෙදේ. මහජන සබඳතාවන් වර්ධනය වෙයි. නවක සබඳතා ඇති වෙයි. නව නිර්මාණකරණයට හේතුයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු Qries

🔴 ධනු ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. ක්‍රියාශීලි දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අමතර රාජකාරිවල යෙදේ. අවිවේකි වෙයි. තරමක් ආගමික පසුබිමක ක්‍රියාකරයි. සන්ධි රෝග, අස්ථි අමාරු දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: දම්

🔴 මකර ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන් ද යෙදේ. තරමක් දහමට ළැදිව ක්‍රියාකරයි. මිල මුදල් වැය ඉහළයි. ස්නායු රෝග, මුත්‍රා රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: නිල්

🔴 කුම්භ ලග්නය

අවිවේකි දිනකි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. වැයපස ඉහළයි. ප්‍රසාදයට එක්වෙයි. මේහ රෝග, හිරිවාත මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: ළා කොළ

🔴 මීන ලග්නය

ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. සෙම් කෝප රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: සුදු


ReeCha