ඔබත් මේ ලග්න වල නම් අද අනිවාර්යෙන් දුර දිග බලා කටයුතු කරන්න..නැති නම් දවසම විඳවන්න වෙයි.(VIDEO)
🔴 මේෂ ලග්නය
ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකි බවක් දෙයි. තරමක් ආවේගශීලි ගති මතු කරයි. දුරදිග බලා කටයුතු කිරීම මැනවි. භූමි ලාභ සම්පත් ගෙන දෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. සිරසගත රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු
🔴 වෘෂභ ලග්නය
තරමක් අවිවේකි බවක් ගෙන දෙන අතර දෙවරක් සිතා බලා තීරණ ගත යුතු දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් මතුවීමෙන් සිත් නොසන්සුන් වෙයි. අමතර ලාභ දෙයි. මුත්‍රා ආසාදන, අශ්මරි රෝගාදියට හේතුයි. ජය අංකය: 02 ශුභ වර්ණය: තැඹිලි
🔴 මිථුන ලග්නය
තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ඇතිවෙයි. ලිපි ලේඛන, රචනා වැනි දේවලින් ජයදෙයි. යාන වාහන ලාභ ලැබීම්වලට හේතුයි. විදෙස්ගත වීම් සඳහා මූලික කටයුතු අවසන් කරයි. බඩවැල් ආශ්‍රිත රෝග දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: නිල්
🔴 කටක ලග්නය
ක්‍රියාශීලි දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා යෙදේ. මහන්සියෙන් ක්‍රියා කරයි. ගමන් බිමන් බහුල වෙයි. නව වැඩ ඇරඹීමට ශුභයි. හදිසි ධන ලාභ සම්පත් දෙයි. සෙම්කෝප රෝග, උෂ්ණ රෝග දේ. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස
🔴 සිංහ ලග්නය
ගමන් බිමන් බහුල වෙයි. දුරගමන් යෙදේ. අසල්වැසි සබඳතා වර්ධනය වන ක්‍රියා යෙදේ. මහජන ප්‍රසාදයට ලක්වන ක්‍රියා ද යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදෙයි. වැයපස ඉහළ යන දිනකි. මුත්‍රා ආසාදන රෝග යෙදේ. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි
🔴 කන්‍යා ලග්නය
දුරදිග ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වන්දනා ගමන්, විනෝද ගමන් යෙදෙන අතර තම වැයපස ඉහළ යන දිනකි. ප්‍රසාදයට පත්වෙන දිනකි. හදිසි ධන ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ
🔴 තුලා ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකි බවක් ඇතිවේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. උත්සව සභාවන්, සමිති සමාගම් වැනි දේවල ද ක්‍රියාකිරීමෙන් අමතර ලාභ ද ලබයි. හදිසි රෝගාබාධවලට හේතුයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්
🔴 වෘශ්චික ලග්නය
ප්‍රීති උත්සව සාද වැනි දේවල් සංවිධානයට ඒවාට සහභාගිවීමට අවස්ථා යෙදේ. විනෝද චාරිකාවල යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ද ළැදිව ක්‍රියා කරන දිනකි. උෂ්ණ රෝග, පාචන ආදී රෝගාදියට හේතුයි. ජය අංකය: 09 ශුභ වර්ණය: ළා රෝස
🔴 ධනු ලග්නය
ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස
🔴 මකර ලග්නය
තම අරමුණු ජයගනී. බලාපොරොත්තු වූවාට වඩා වැයපස ද ඉහළ යයි. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල කරවන ක්‍රියාවන් ද යෙදේ. මතවාද හා ගැටුම් ඇතිවීමට හේතු නිසා ඉවසීම මැනවි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: සුදු
🔴 කුම්භ ලග්නය
සැහැල්ලුවෙන් දවස ගෙවයි. සතුරු බලපෑම් දමනය වෙයි. තම අරමුණු සහ බලාපොරොත්තු ජය ගනී. ප්‍රීති සාද වැනි දේවලට හේතුයි. බලාපොරොත්තු නොවූ ලෙස වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: කහ
🔴 මීන ලග්නය
තරමක් විවේකි දිනකි. අසල්වැසියන් සමග සබඳතා වර්ධන ක්‍රියා යෙදේ. උත්සව සාද වැනි දේවලට හේතුයි. වැයපස ඉහළ යයි. නවක මිතුදම් ඇතිවෙයි. අමතර ලාභ ගෙනදෙයි. රක්තවාත රෝග, අර්ශස් රෝග මතු වේ. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්
