කුවේටය කඩා වැටෙයි - තෙල් නිෂ්පාදනය අඩු කිරීමට පියවර
By Ashfa
මධ්‍යම පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානයෙන් එල්ල වී ඇති තර්ජන හමුවේ, කුවේටය සිය අමු තෙල් නිෂ්පාදනය සහ පිරිපහදු කිරීමේ කටයුතු අවම කිරීමට පියවර ගෙන ඇත.
කුවේට් පෙට්‍රෝලියම් කෝපරේෂන් (KPC) ආයතනය නිවේදනය කළේ, මෙය තම "අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර අඛණ්ඩ පැවැත්මේ උපාය මාර්ගයේ" කොටසක් ලෙස ගත් "පූර්වාරක්ෂක පියවරක්" බවයි.
එමෙන්ම, පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර, තත්ත්වය අනුව ඉදිරියේදී මෙය සමාලෝචනය කරන බව KPC සදහන් කර ඇත.
තත්ත්වය යහපත් වූ වහාම නැවතත් නිෂ්පාදන මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පූර්ණ සූදානමින් සිටින බවත්, දේශීය වෙළඳපොළේ ඉන්ධන අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව සපුරාලීමට කටයුතු යොදා ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.