කුමාර් සංගක්කාරගෙත් AI වීඩියෝ හදලා (PHOTO)

Kumar Sangakkara Sri Lanka Cricket Artificial Intelligence Deepfake Video Sinhala news
By Ashfa May 08, 2025 11:52 AM GMT
Ashfa

Ashfa

Report

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තමා DARAZ සහ Samsung වැනි සන්නාම අනුමත කරන බවට සාවද්‍ය ලෙස සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වංචනික දැන්වීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර පැහැදිළි කර ඈත්තේ, තමාට කිසිදු සමාගමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවටයි.

එලෙස සංසරණය වන වීඩියෝ මහජනතාව රැවටීම සඳහා AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති බවත් ඔහු පවසයි.

නළු සිවකාර්තිකෙයන් ඉන්දියානු හමුදාව ගැන දැන් කියන කතාව (PHOTO)

නළු සිවකාර්තිකෙයන් ඉන්දියානු හමුදාව ගැන දැන් කියන කතාව (PHOTO)

“කරුණාකර DARAZ/Samsung සමඟ මා එක්ව ඇති බවට පළවන දැන්වීම් නොසළකා හරින්න.

ඉහත සන්නාම සමඟ මට කිසිදු සම්බන්ධයක් නොමැති අතර වීඩියෝ පැහැදිලිවම AI ඔස්සේ සකස් කරන ලද ඒවා වේ,” කුමාර් සංගක්කාර ප්‍රකාශ කළේය.

මෙම වංචාව ඔස්සේ වංචනිකයන් සිය නිෂ්පාදන හෝ ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමට ප්‍රසිද්ධ පුද්ගලයන් ව්‍යාජ ලෙස පෙන්වමින්, ඒත්තු ගැන්වෙන වීඩියෝ සහ රූප නිර්මාණය කිරීමට කෘතිම බුද්ධි මෙවලම් භාවිතා කරන බව පෙනෙන්නට තිබෙන බව ද කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.

ඔයත් TikTok භාවිතා කරාද? එහෙනම් සොරි තමයි

ඔයත් TikTok භාවිතා කරාද? එහෙනම් සොරි තමයි

ඔහු පෙන්වාදෙන්නේ මෙම උපක්‍රම මහජන විශ්වාසය සූරාකෑම සඳහා අන්තර්ජාල වංචනිකයින විසින් වැඩි වැඩියෙන් භාවිත කරන බවයි. 

කුමාර් සංගක්කාරගෙත් AI වීඩියෝ හදලා (PHOTO) | Kumar Sangakkara Deepfake Ai Cricket Daraz Samsung

කුමාර් සංගක්කාරගෙත් AI වීඩියෝ හදලා (PHOTO) | Kumar Sangakkara Deepfake Ai Cricket Daraz Samsung

 

ReeCha