දිගම්බරම් උඩ යාවි... ප්‍රධාන පක්ෂ පස්සෙන් එනකල් බලා සිටි...!!!

Nuwara Eliya Political Development Latest Headlines National People's Power - NPP Sinhala news
By Akash May 08, 2025 03:00 PM GMT
Akash

Akash

Report

නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහනගර සභා 01, නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 09 ක බලය පිහිටු වීමට නම් තම සහයෝගය තීරනාත්මක බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසිය.

හිර ගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ එළියේ හිටියනම් ඡන්ද 70000ක් අරන් දෙනවා

හිර ගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ එළියේ හිටියනම් ඡන්ද 70000ක් අරන් දෙනවා

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය අනුව තමන් නියෝජනය කළ සමගි ජන බලවේගයට සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව බෝනස් මගින් සභිකයින් රැසක් හිමි වී ඇති බවයි.

ඒ අනුව තමන් නියෝජනය කරන සමගි ජන බලවේගයේ සහයෝගය නොමැතිව කිසිදු පක්ෂයකට තනිවම නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කම බලය පිහිටු වීමට නොහැකි බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

කොළඹ නගර සභාව පිහිටුවීමට ස්වාධීන කණ්ඩායම්වල සහාය ජවිපෙට

කොළඹ නගර සභාව පිහිටුවීමට ස්වාධීන කණ්ඩායම්වල සහාය ජවිපෙට

එම නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම තමාගේ සහය ඉල්ලා සිටීමට සිදුවනු ඇති බවයි ඔහු තවදුරතත් කියා සිටියේ, නමුත් තම පක්ෂයේ මෙතෙක් කිසිඳු පාර්ශවයකට සහය දීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ඔහු තවදුරටත් කියා සිටියා.

ReeCha