විශ්‍රාම ගියත් පුටුවෙ ඉන්න දඟලන බලවත්තු

Google Sri Lanka Politician Sri Lanka Cabinet Law and Order
By Kaushi May 08, 2025 01:12 PM GMT
Kaushi

Kaushi

Report

කැබිනට් අනුමැතියකිිින් සේවා දිගුවක් හිමි වී ඇති බව කියමින් විශ්‍රාම ගිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් අනීතිකව තවමත් අදාළ තනතුරේ රාජකාරී කටයුතු සිදු කරන බවට මහවැලි නිලධාරීන් චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුව පත් වූ පසු මීට මාස කීපයකට ඉහත දී රාජකාරී ආරම්භ කළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) හිමාලී යාලිංග මහත්මියට පසුගිය 6 වැනි දින වයස අවුරුදු 60 ක් සම්පූර්ණ වී තිබේ.

ඒ අනුව විශ්‍රාම යෑමට නියමිතව තිබූණ ද සේවා දිගුවක් ද නොලබා, අනීතිකව තවමත් එම තනතුරේ රැදී සිටිමින්, රාජකාරී කටයුතු කරනවා වෙනුවට දේශපාලන දඩයම් කරමින් සිටින බවට මහවැලි නිලධාරීන් මෙසේ චෝදනා කරයි.

රට සවාරි මෙච්චරයි, වියදම් මෙච්චරයි....... ජයතිස්ස කියයි.

රට සවාරි මෙච්චරයි, වියදම් මෙච්චරයි....... ජයතිස්ස කියයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ හිතවත්කම්වලට තනතුරු ලබා නොදෙන බව පවසමින් වුවද , වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු මෙම තනතුර ඇයට දේශපාලන හිතවත්කම් මත ලබා දී ඇති බවට වාර්තා වේ.

මෙලෙස විශ්‍රාම ගිය ද පුටුවට ලොබ බදින්නේ රාජකාරියට නොව වෙනත් වරප්‍රසාද වෙනුවෙන් බවට ද නිලධාරීන් චෝදනා කර සිටියි.

අදාළ නිලධාරිනිය වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යයවරයකුගේ හිතවත්කම් මත මෙම තනතුරේ අනීතිකව රැදී සිටින බවද ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් අප 011-2689743 යන දුරකථන අංකය ඔස්සේ මහවැලි අධිකාරී කාර්යාලය අමතා හිමාලී යාලිංග මහත්මිය සම්බන්ධ කර ගනිමින් අදාළ චෝදනාව පිළිබඳව විමසීමක් කළා.

එහි දී එතුමිය කියා සිටියේ තමන්ට ඊයේ (07) දින පැවති කැබිනට් මණ්ඩලයේදී සේවා දිගුවක් ලබා දීමට අනුමැතිය ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සොයා බලන ලෙසත් ය.

එසේ පවසා ඇය විසින් දුරකථනය විසන්ධි කළා.

ඒ අනුව එසේ කැබිනට් අනුමැතියක් ලැබී ඇත්දැයි විමසා බැලීමට අප අමාත්‍යය මණ්ඩල කාර්යාලයේ නිල වෙබ් අඩවිය පරික්ෂා කළා.

එහි දී පසුගිය 07 වැනි දින පැවැත් වූ අමාත්‍යය මණ්ඩලය එවැනි තීරණයක් ගෙන ඇති බවක් අපට නිරීක්ෂණය කළ නොහැකි විය.

මව ඉදිරිපිටම දියණියට කරන්න ගිය අපරාධය (PHOTO)

මව ඉදිරිපිටම දියණියට කරන්න ගිය අපරාධය (PHOTO)

අනතුරුව මේ සම්බන්ධයෙන් නැවතත් විමසීමට අප හිමාලී යාලිංග මහත්මියව ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවීය.

බලය ලත් තැනැත්තන් බලය අනිසි ලෙස පාලනය කරන පසුබිමක බලෙන් බලයේ හිඳ කරන මෙවැනි සිද්ධීන් වාර්තා වීම කණගාටුදායක සිදුවීමකි.

ඒ අනුව අඳාළ සිද්ධිය පිළිබඳ විමසා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීම පීඩාවට පත් වූවන්ට කරන සාධාරණයකි.

ReeCha