හිර ගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ එළියේ හිටියනම් ඡන්ද 70000ක් අරන් දෙනවා

Report

තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

තමාව සිරගෙට දැමීමට කටයුතු කළේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ බවත්, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සිදුව ඇති පසුබෑම ආණ්ඩුව තේරුම්ගත යුතු බවද, ආණ්ඩුවේ පසුබෑම ජනතාව විසින් ඔප්පු කර ඇති බවද ඔහු පවසා සිටියා. තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තරුණියක් වෙනුවෙන් "ඔපරේශන් සින්දූර්" නමින් පකිස්ථානයට මිසයිලයක් යැවූ මෝදි

තරුණියක් වෙනුවෙන් "ඔපරේශන් සින්දූර්" නමින් පකිස්ථානයට මිසයිලයක් යැවූ මෝදි