රනිල් විදෙස් සවාරි 23ක් ගිහින් රු.බිලියනයට වැඩි වියදම්

Ranil Wickremesinghe Sri Lanka Politician Nalinda Jayatissa Sinhala news
By Mithu May 08, 2025 01:59 PM GMT
Mithu

Mithu

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු බල‍යේ සිටි වසර දෙකක කාලය තුළ විදෙස් සංචාර 23 කට සහභාගී වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ඔහු 2022 වසරේ විදෙස් සංචාර 4 ක්, 2023 වසරේ විදෙස් සංචාර 14 ක් හා 2024 වසරේ නිල විදෙස් සංචාර 5 කට සහභාගී වී ඇති බවයි අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම විදෙස් සංචාර සඳහා ජනාධිපතිවරයාට අමතරව රජයේ වියදමින් සම්බන්ධ වූ පුද්ගලයින් ගැන විස්තර ද අමාත්‍යවරයා ඉදිරිපත් කළ අතර, 2022 වර්ෂයේ සිදුකරන ලද සංචාර 4 සඳහා පුද්ගලයන් 63 ක්, 2023 වසරේ විදෙස් සංචාර 14 සඳහා පුද්ගලයින් 252 ක් හා 2024 වසරේ නිල විදෙස් සංචාර 5 සඳහා පුද්ගලයින් 111 ක් සම්බන්ධ වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම විදෙස් සංචාර 23 සඳහා හිටපු ජනාධිපතිවරයා වියදම් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 1 කට වඩා වැඩි බවත්, හිටපු ජනාධිපතිවරයා බලයේ සිටි කාලය තුළ ඔහු පෞද්ගලිකව සහභාගී නොවූ නමුත් ඔහුගේ නියෝජිතයින් සහභාගී වූ සංචාර 19 ක් ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 19 කට වැඩි මුදලක් වැය කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ReeCha