මව ඉදිරිපිටම දියණියට කරන්න ගිය අපරාධය (PHOTO)

Colombo Child Abuse Crime Kidnapping Sinhala news
By Ashfa May 08, 2025 01:02 PM GMT
Ashfa

Ashfa

Report

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (8) අවසර ලබා දී ඇත.

මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 36ක් වන කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (7) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇත.

එහිදී කුරුඳුවත්ත පොලීසිය වෙනුවෙන් කරුණු දැක් වූ පොලිස් සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරු සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කළේය.

කුමාර් සංගක්කාරගෙත් AI වීඩියෝ හදලා (PHOTO)

කුමාර් සංගක්කාරගෙත් AI වීඩියෝ හදලා (PHOTO)

දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ, දියණිය පිටුපස අසුනෙහි වාඩි කර මෝටර් රථයට පිටුපසින් ගොස් රියදුරු අසුනෙහි වාඩි වන අවස්ථාවේදී, පසුපස ආසනයේ සිටි මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා තම දැරියවද තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී දැරියගේ මව දැරියද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී සැකකරු පලා ගොස් සිට ඇති අතර, පෞද්ගලික කුලී රථ සේවයක මෝටර් රථයක් උපයෝගී කරගෙන පිටව ගොස් ඇත.

ඒ අනුව සැකකරු තවදුරටත් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය, විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කර ඇත. මෙම සැකකරු කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නළු සිවකාර්තිකෙයන් ඉන්දියානු හමුදාව ගැන දැන් කියන කතාව (PHOTO)

නළු සිවකාර්තිකෙයන් ඉන්දියානු හමුදාව ගැන දැන් කියන කතාව (PHOTO)

ඔහු දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය මෙහිදී අධිකරණයට ප්‍රකාශ කර ඇත.     

ReeCha