රටේ ඉදිරිය ගැන සංගක්කාර ගෙන් විශේෂ දැනුම්දීමක්..(VIDEO)

By Aruna Mar 27, 2023 11:01 PM GMT
Report

ඉදිරියට එන වසර 5-10 ක අතර කාලය ශ්‍රී ලංකාවේ වෙනසක් සිදු කිරීමට හොඳම කාලය බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරනවා. මෑතක දී ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දූෂණයට වංචාවට එරෙහිව ඉදිරියට පැමිණීමත් සමඟ එම වෙනස කිරීමට අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව පෙනී යන බවද හෙතෙම කියා සිටී.

එම වෙනස සිදු කිරීමට ඇති කාලය වේගයෙන් වැසී යන නිසා ලැබී තිබෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි හෙතෙම පවසා සිටියේ.

ඔක්ස්ෆර්ඩ් සංසදයේ සාකච්ඡාවට එක්වෙමින් සංගක්කාර මෙම අදහස් පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now