නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයින් 14දෙනෙකු අත්අඩංගුවට

Report

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටි විදේශිකයන් 14 දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 12 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයන් තිදෙනෙකු වන අතර ඔවුන් සතුව මෙරට රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර නොතිබූ බව පොලීසිය පවසයි.

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ හෝටලය තුළ මහා පරිමාණ පරිගණක හා සයිබර් අපරාධ සිදු කිරීම සඳහා වන මෙහෙයුම් මධ්‍යස්ථානයක මූලික ඉදිකිරීම් කටයුතු සිදු කරමින් තිබූ බව අනාවරණය වී ඇත.

මූලික විමර්ශනවලට අනුව මොවුන් පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී මෙම ජාවාරම රහසිගතව මෙහෙයවීමට සැලසුම් කර තිබූ බව හෙළි වී තිබේ.

QR කේත ක්‍රමයේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සූදානමක් - අගමැතිනි හරිනිගෙන් සුභ පණිවිඩයක්

QR කේත ක්‍රමයේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සූදානමක් - අගමැතිනි හරිනිගෙන් සුභ පණිවිඩයක්

අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාර දී ඇත.