මෙන්න වැඩක් - ආයේ මේ වෙරළ තීරය කාන්තාවන්ට විතරයි - පිරිමින් ඇතුළුවීම සපුරා තහනම්
කාන්තාවන්ට පමණක් වෙන්වූ වෙරළ තීරයක් විවෘත කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන ඇත. කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ මෙම වෙරළ තීරය සම්බන්ධ ව්‍යාපෘතියට පවුම් මිලියන 100ක පමණ මුදලක් වැයවී ඇති බව වාර්තා වේ.
සතියේ දින හතේම පැය 24 පුරා කාන්තාව සඳහා මෙම වෙරළ තීරය විවෘත බව බලධාරීන් පවසයි. කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සහතික කරමින් ආරක්ෂිත පියවර රැසක් අනුගමනය කරමින් මෙම වෙරළ තීරය නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම රාත්‍රී කාලයේ පිහිනිමේ කටයුතු සඳහා ආලෝකය සපයා ඇති අතර ළමා ක්‍රීඩා පිටියක් මෙන්ම ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණ පද්ධතියක් ද ක්‍රියාත්මකයි.
එසේ කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ ආරක්ෂිත ස්ථානයක් ලෙස ඉදිකෙරුණු පළමු ස්ථානය ලෙස ද මෙය සැලකෙයි.
බලධාරීන් අපේක්ෂා කරන්නේ බ්‍රිතාන්‍ය සංචාරකයින් මූලික කර ගනිමින් මෙම ස්ථානය නිර්මාණය කර ඇති අතර ඒ හරහා ඉදිරියේ දී බොහෝ බ්‍රිතාන්‍ය සංචාරකයින් පිරිසක් ඩුබායි සංචාරයේ නිරත වනු ඇති බවටයි. මෙහි සේවයට යොදවා ඇත්තේ කාන්තාවන් පමණක් බව ද වාර්තා වේ.