ජලාශයක වාන් දොරටු තුනක් විවෘත කෙරේ..!
අද පස්වරුව වනවිට කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් විවෘත කර ඇති බව එහි පාලන අධිකාරිය පවසයි.
මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී ඇත.
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මේ අතර, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකි බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
